උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු මියගොස් තිබෙනවා.
ඊයේ දිනයේ එම රැඳවියා මියගොස් ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අදාළ රැඳවියා රෝගී තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබුණා.
මියගිය රැඳවියා 29 හැවිරිදි කොට්ටවගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
පසුගිය සතිය තුළ මාතර බන්ධනාගාරයේ ද උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
මේ අතර බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…