Local

පවතින කාලගුණික තත්වය නිසා විභාග මධ්‍යස්ථානයක් සංශෝධනය කරයි !

පවතින වැසි හා ගංවතුර තත්ත්වය මත කැකිරාව මඩාටුගම රේවත විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානය සංශෝධනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එම විභාග මධ්‍යස්ථානයේ දී විභාගය සඳහා පෙනී සිටීමට සිටි අපේක්ෂකයින් සඳහා ගල්කිරියාගම මධ්‍ය මහා විද්‍යාලයේ නව විභාග මධ්‍යස්ථානයක් පිහිටුවීමටයි පියවර ගෙන ඇත්තේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අනිද්දා (04) සිට ආරම්භ වනවා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අයැදුම්පත් නොලැබී ඇති අපේක්ෂකයින් හට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් අයැදුම්පත්‍ර භාගත කර ගත හැකි බවයි.

මෙවර අ.පො.ස උ/පෙල විභාගය සඳහා අපේක්ෂකයින් තුන් ලක්ෂ හතලිස් හය දහස් නවසිය හැත්තෑ හයක් පෙනී සිටිමට නියමිතයි.

ඉන් දෙලක්ෂ අසු ඒක් දහස් හරසිය හතලිස් පහක් පාසල් අයැදුම්කරුවන් වන අතර පෞද්ගලික අයැදුම්කරුවන් සංඛ්‍යාව 65, 531 ක් වනවා.

මෙවර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන සංඛ්‍යාව 2,258 ක් ස්ථාපිත කර තිබෙනවා.

මේ අතර මෙවර උ/පෙළ විභාගය සඳහා ප්‍රථම වරට කොරියානු භාෂාව විෂයක් ලෙස හඳුන්වා දී තිබෙනවා.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

3 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

4 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago