Local

වැලිගම W15 හෝටලයට වෙඩි තැබූ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසකට වැලිගම පොලිසිය වෙඩි තබයි – එක් නිලධාරියෙක් මරුට, තවත් අයෙකුට තුවාල!

වැලිගම නව ගාලු පාරේ පැලෑන වටරවුම අසල පිහිටි ප්‍රකට සංචාරක හෝටලයක් වූ W15 හෝටලයට අද අළුයම වෙඩි තබා පලා යෑමට තැත් කිරිමේ දී වැලිගම පොලිස් නිලධාරීන්ගේ වෙඩි ප්‍රහාරයට ලක් වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරියෙක් මිය ගොස් තවත් නිලධාරියෙක් තුවාල ලබා තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

අද අළුයම කේ.ඩී.එච්. වෑන් රථයකින් පැමිණි පිරිසක් වැලිගම නව ගාලු පාරේ පෑලෑන වටරවුම අසල පිහිටි W15 හෝටලය තුළට ගොස් වෙඩි ප්‍රහාර කීපයක් එල්ල කර තිබේ.

එම අවස්ථාවේ දී ඊට නුදුරින් මේ දිනවල ක්‍රියාත්මකවන මත්ද්‍රව්‍ය මෙහෙයුම්වල යෙදෙමින් සිටි වැලිගම පොලිසියේ ජංගම පොලිස් සංචාරක රථයක් අසල තිබී ඇත.

එම ඒකාබද්ධ මෙහෙයුම සඳහා යෙදවූ හමුදාවේ නිලධාරීන් පිරිසක් ද එම රථයෙහි හිඳ තිබේ.

සිද්ධිය වර්තා වීමත් සමග වෙඩි ප්‍රහාර එල්ල කළ කේ.ඩී.එච් රථය හඹා ගිය පොලිස් ජංගම රථය මාර්ගය හරස් කර පලා යන වෑන් රිය නවත්වාගෙන ඇත. එහෙත් ජංගම රථයට වෙට්ටුවක් දමා වෑන් රථය පළා ගොස් තිබේ. ඒ අවස්ථාවේ දී ජංගම පොලිස් රථය වෑන් රිය හඹා ගොස් වෙඩි තබා ඇත.

අනතුරුව වැලිගම පොලිසිය විසින් මෙම පලා යන රථය සම්බන්ධව සියලුම තොරතුරු පොලිස් ස්ථාන ඇතුළු ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇත. ඒ අනුව පලා ගිය රථය ඉමදූව පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමට උත්සාහ කිරීමේ දී අධිවේගී මාර්ග ආරක්ෂක පොලිසිය විසින් නවත්වා පරීක්ෂා කිරීමට උත්සාහ කිරීමේ දී රථයේ සිටින කණ්ඩායම තමන් කොළඹ අපරාධ කොට්ඨාසයේ බව දන්වා හැඳුනුම්පත් ඉදිරිපත් කළත් එතැනින් ප්‍රවේශවීමට පොලිසිය ඉඩ දී නැත.

ඒ අතර උසස් පොලිස් නිලධාරියෙකුගෙන් එන නියෝගයක් පරිදි මෙම පිරිස මුදා හැරීමට අධිවේගී මාර්ගයේ පොලිස් නිලධාරීන්ට සිදුවී ඇතැයි වාර්තා වේ. මේ අතර වෙඩි වැදුන පුද්ගලයා අධික රුධිර වහනය නිසා මියගොස් ඇති බවත් තවත් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බවත් වාර්තා වූයේය.

පසුව විමසීමේ දී මෙම කේ.ඩී.එච්. වෑන් රථයේ පැමිණ W15 හෝටලට වෙඩි තබා ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් බව හෙළි වී ඇත. මිය ගොස් අත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙකි.

වෙඩි වැදි බරතපතල තුවාල ලබා ඇත්තේත් කොළඹ අපරාධ කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂකවරයෙකි. ඔවුන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණු බව දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

දිවයිනේ පළාත් කීපයක පවතින W15 හෝටල් ඒ.ජේ.එම් මුසම්මිල්ගේ පුත්‍රයාට හිමි බව වාර්තා වේ.

සිදුවූයේ කුමක්දැයි මේ වනවිට පොලිසිය ද වික්ෂිප්තව සිටින අතර තොරතුරු පිටතට යෑම වළක්වා ගැනීම සඳහා විශේෂ උත්සාහයක් දරමින් ඇති බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago