ජනවාරි (01) සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත සියයට 18ක වැට් බද්ද හේතුවෙන් සියලුම බස් ගාස්තු සියයට 15ක පමණ ප්‍රතිශතයකින් ඉහළ යනු ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අනුව, දැනට රුපියල් 30 ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 35ක් වනු ඇති බවද සෙසු සියලුම ගාස්තුද එම ප්‍රතිශතයෙන්ම ඉහළ යනු ඇති බව වාර්තා වේ.
වැට් බද්ද සියයට 15 සිට සියයට 18 දක්වා ඉහළ නැංවීමට රජය ගෙන ඇති තීරණයට අනුව ඉන්ධන සඳහාද බදු පැනවිණ.
එහෙත් වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන සඳහා අය කළ සියයට 7.5ක බද්ද ඉවත් කිරීමත් සමග ඩීසල් පෙට්‍රල් හා ගෑස් සඳහා අය වන්නේ සියයට 10.5ක බද්දකි.
එමෙන්ම, බස් ගාස්තු වැඩි කිරීමේ දී ඉන්ධන මිල පමණක් අදාළ කර නොගනිමින් සෙසු නිර්ණායක 11ද සැලකිල්ලට ගෙන ගාස්තු සංශෝධනයක් සිදු කරන ලෙසට බස් සංගම් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවෙන් ඉල්ලීම් කර ඇති අතර ඒ අනුව බස් ගාස්තුව සියයට 15ක පමණ ප්‍රතිශතයකින් ඉහළ නැංවෙනු ඇති බව සමස්ත ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පැවසීය.
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය බස්වලට අවශ්‍ය ටයර්, බැටරි, ලිහිසි තෙල්, ටියුබ් ඇතුළු අමතර උපාංග සඳහා වන වියදම, බස් හිමියන් වාර්ෂිකව ගෙවන බලපත්‍ර ගාස්තු, සේවක වැටුප් සඳහා වන වියදම් ඇතුළු නිර්ණායක දොළහක් සැලකිල්ලට ගෙන සිදු කරන බවත් වැට් බදු ඉහළ නැංවීමෙන් අමතර උපාංග සඳහා අධික පිරිවැයක් දැරීමට බස් හිමියන්ට සිදුවන බවත් හෙතෙම සඳහන් කළේය.
මේ අනුව, ඉන්ධන සඳහා වැඩි කිරීමට යන සියයට 10.5ට අමතරව සෙසු නිර්ණායක 11ද පදනම් කර ගනිමින් බස් ගාස්තු සංශෝධනයක් සිදු කරන ලෙස ඉල්ලා සිටින බවද කී අංජන ප්‍රියන්ජිත් එසේ නොවෙන්නේ නම් දිවයින පුරාම අඛණ්ඩ බස් වර්ජනයක් ක්‍රියාත්මක කරන බව අවධාරණය කළේය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
ඇයි මේ විදියට මිනිස්සුන්ගෙන් හුරන් කන්නේ රජය. සාමාන්‍ය මනුස්ස ජීවත් වෙන්නේ කොහොමද එදා වේල හම්බ කරන් කන මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ
පෞද්ගලික ආයතන වල වැඩ කරන මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ
අර්ථසාධක මුදලෙනුත් ගන්නවා පඩියක් කියලා ගන්න එකෙනුත් ගහනවා ගහනවා . ඇමතිලා පුක රත්වෙනකම් පාර්ලිමේන්තුවේ ඉදලා යනවා යන්න.
මොන හරිම ඉස්සරහට ලොකු දෙයක් වෙයි එදාට කවුරුත් නැති වෙයි ඔයා මිනිස්සු බේරගන්න..