Local

රාජ්‍ය සේවකයන්ට විශේෂ බෝනස් නිවාඩුවක් – රජයෙන් නව චක්‍රලේඛයක්!

මෙම වසරේ සැප්තැම්බර්, ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල දී විවිධ ආපදා හේතුවෙන් සේවය වාර්තා කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් රජය විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන් එම දිනයන් වෙනුවෙන් විශේෂ නිවාඩු ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අනුව විවිධ පළාත්වල සිදුවූ ගංවතුර, ජල ගැලීම්, නායයෑම්, මාර්ග අවහිරතා ආදී හේතුන් නිසා හටගත් ප්‍රවාහන දුෂ්කරතා, අවතැන්වීම් සහ විපත්වලට ලක්ව රාජකාරි ස්ථානවලට වාර්තා කිරීමට නොහැකිවූ රාජ්‍ය සේවකයන්ට මෙම වරප්‍රසාද හිමි වනු ඇති.

මෙම නිවාඩු ලබා ගැනීම සඳහා තමන් පදිංචි වසමේ ග්‍රාම නිලධාරීගේ නිර්දේශය සහිත ඉල්ලීම තම ආයතන ප්‍රධානින් වෙත යොමු කළ යුතු වනවා.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්.රංජිත් අසෝක මහතාගේ සිය අත්සනින් යුත් චක්‍රලේඛයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

4 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

4 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago