Local

විනය කඩකළ කුසල් මෙන්ඩිස්ට එරෙහිව තරඟ තහනමක්? – තරග තීරක වාර්තාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට!

ප්‍රමුඛපෙළ ක්‍රීඩා සමාජ එක්දින තරගාවලියේ එස්එස්සී සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජ අතර කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී එස්එස්සී කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ විනය විරෝධී හැසිරීමට එරෙහිව විනය පියවර ගැනීමට සූදානම් බව වාර්තා වනවා.

ඔහු එම තරගයේදී ජෙෆ්රි වැන්ඩසේගේ පන්දුවක් හමුවේ සඳුන් වීරක්කොඩි අතට උඩපන්දුවක් ලබාදී ලකුණු 00කට දැවී ගියා.

ඉන් කුපිතවූ ඔහු බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ ක්‍රීඩාගාරයේ දොරකට පහරදී හානිකර ඇති බවට වාර්තා වන අතර, මේ සම්බන්ධයෙන් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය ලිඛිත පැමිණිල්ලක්ද කර තිබුණා.

එම පැමිණිල්ලෙන් පසු තරග තීරක වාර්තාවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කර ඇති අතර, ඔහුට ජාත්‍යන්තර තරගයක් හෝ දේශීය තරග කිහිපයක තහනමක් පැනවෙනු ඇතැයි වාර්තා වනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විනය කමිටුව හමුවට මෙම ගැටලුව ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඔවුන් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි

Team CNF

View Comments

  • නායකත්වය ඔලුවේ තියාගෙන සෙල්ලම් කරන්න හැකියාව හැමෝටම නෑ. ඒක කවුරු කවුරුත් තේරුම් ගන්න. රටේ නායකත්වය දීල වුණ දෙයින් තාම විඳවනවා. වගකීම් දරන්න මානසික ශක්තිය තියෙන කෙනා පැත්තකට දාල... ඒ හැකියාව නැවත ඔහු පෙන්වනවා. කුසල්ගෙ දක්ෂතා ගන්න ඔහුගෙ බර නිදහස් කරන්න. ඔහුත් ආසයි නායකත්වයට... ඒක හැසිරීමෙන් පෙනුනා. මෙවැනි දේවල් නොවෙන්න ඒක වැදගත් වෙයි. දැක්ක දේ කීවේ. සිම්බාබ්වේ මැච් ටික බලන්නකෝ. සනත් ගෙන්නම් හොඳ යමක් වෙයි. මහේලනම් වැඩක්ම නෑ. එයා ඉන්දියාවට යමක් කරන්න පුලුවන් දක්ෂයෙක්. මාලිංග ඊට වඩා ලොකු කැප කිරීමක් කරන්න පුලුවන් හොඳම පුහුණුකරුවෙක්. ඒ වගේම දිල්ෂාන්.... අන්න රට ගැන හිතන ක්‍රීඩකයෝ. ඒ අයටත් එදා කැපුවා. ඒත් දිල්ෂාන්ලා හැමදේම දරාගෙන ක්‍රීඩා කලා. අරවින්දලා තරම් මහේලලා කැප කිරීම් කරන්නෑ.

  • ඕකාව ලංකාවෙම්ම පිටුවහල් කරන්න ඕන. ඕකට ක්‍රිකට් තියා ජිල් බෝලවත් ගහන්න බෑ. කාළකණ්ණියෙක්. මහහිලයයි ගන්දස්කාරයයි ඕකා පස්සෙ ඉන්නවා.

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

9 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago