Cricket

භානුක, කුසල්, මැතිව්ස් නැවත කැඳවයි – වනිඳු හසරංගගේ නායකත්වයෙන් නම් කල ශ්‍රී ලංකා මුලික T20 සංචිතය මෙන්න!

සිම්බාබ්වේ කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා ක්‍රීඩකයින් 22 දෙනෙකුගෙන් යුත් මූලික ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය නම් කර තිබෙනවා.

තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සඳහා සංචිතයේ නොසිටි ඇන්ජලෝ මැතිව්ස්, භානුක රාජපක්ෂ සහ බිනුර ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට නැවත කැඳවා තිබේ.

20-20 තරගාවලියට එක්වන විසි දෙදෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇති අතර, ඊට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ද හිමි ව ඇති බව වාර්තා වේ.

එම 20-20 සංචිතයේ නායකයා ලෙස වනිඳු හසරංග නම් කර ඇති අතර, උපනායකයා චරිත් අසංලක බව වාර්තා වේ.

ඇන්ජලෝ මැතිව්ස් යළිත් ශ්‍රී ලංකා 20-20 සංචිතයට කැඳවා ඇත්තේ 2021 වසරෙන් පසුවයි.

භානුක රාජපක්ෂ, බිනුර ප්‍රනාන්දු සහ අකිල ධනංජය ද 20-20 සංචිතයට නම් කර තිබේ.

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන 20-20 තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය පහතින්,

පිතිකරුවන්තුන් ඉරියව් ක්‍රීඩකයින්පන්දු යවන්නන්
කුසල් මෙන්ඩිස් වනිඳු හසරංග (නායක) දුෂ්මන්ත චමීර
පැතුම් නිස්සංක චරිත් අසලංක (උප නායක) මහීෂ් තීක්ෂණ
සධීර සමරවික්‍රම දසුන් ශානක අකිල ධනංජය
භානුක රාජපක්ෂ චාමික කරුණාරත්න ඩිල්ෂාන් මදුෂංක
කුසල් පෙරේරා ඇන්ජලෝ මැතිව්ස් ප්‍රමෝද් මදුෂාන්
දුනිත් වෙල්ලාලගේ ජෙෆ්‍රි වැන්ඩසේ
කමිඳු මෙන්ඩිස් බිනුර ප්‍රනාන්දු
ධනංජය ද සිල්වා මතීෂ පතිරණ
නුවන් තුෂාර
Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago