පොලිස් නිල ඇඳුම හැඳගත් නිලධාරීන් දෙදෙනෙකු මහා මාර්ගයක් අසල කිසියම් පුද්ගලයෙකුට අමානුෂිකව පහර දෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මේ පිළිබදව වාර්තා වන තොරතුරු වලට අනුව ඊයේ (27) දිනයේ වෙඩරුව ප්‍රදේශයේදී කුරුණෑගල පොලීසියට අනුයුක්තව සේවය කරන නිලධාරීන් දෙදෙනෙකු පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට උත්සහ ගන්නා අවස්ථාවේ දී ඔහුට පහර දෙමින්, ඔහුගේ ශරීරාංග ලණුවකින් බඳිමින්, මෙම පහරදීම සිදුකොට තිබෙනවා.
මෙම පොලිස් නිලධාරීන් දෙදෙනාගේ අමානුෂික පහරදීම සමාජ මාධ්‍යය තුල දැඩි විවේචනයට ලක්ව තිබේ.
දිවයින පුරා යුක්තිය නමින් මහජන ආරක්ෂක අමාත්‍ය සහ වැඩ බලන පොලිස්පතිගේ අනින් මෙහෙයුමක් ක්‍රියාත්මක වන මොහොතක සිදුවූ මෙම අනීතික පහරදීම සම්බන්ධව මේ වනවිට සමාජයේ විශාල විරෝධයක් ඉස්මතු වෙමින් පවතී.
එමෙන්ම අදාළපහරදීම පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය විසින් මෙතෙක් නිල දැනුම් දීමක් සිදුකොට නොමැත.
මෙම සිදුවීමට අදාල වීඩියෝව දර්ශන පහතින්,
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…