Local

පාදුක්කේදී පාතාලය ඇවිලෙයි – මන්න රොෂාන් සහ ඔහුගේ සගයෙක් වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ තොරතුරු එළියට!

දොන් ඉන්දික හෙවත් “මන්න රොෂාන්” සහ ඔහුගේ ගෝලයෙක් අද (25) අළුයම වෙඩි තබා ඝාතනය කර තිබේ.

පාතාලයේ අභ්‍යන්තර ගැටුමක් ලෙස පෙනී යන මෙම ඝාතනය සිදුවී ඇත්තේ පාදුක්ක තුන්තාන වෙන්දේසිවත්ත ආසන්නයේ දීය.

“මන්න රොෂාන්” නැමැත්තා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයෙක් බවත් පාතාලයේ යම් හැසිරීම් පෙන්නුම් කළද මිනී මැරුම් වැනි බරපතල අපරාධ චෝදනාවලට වරදකරුවෙක් වූ පුද්ගලයෙක් නොවන බවත් විමර්ශන අංශ පවසයි.

ඔහුට වර්ෂ 2019දී බෝම්බයක් සිය සන්තකයේ තබාගැනීමේ චෝදනාවක් තිබේ. මීට මාසයකට පමණ ඉහතදී පුද්ගලයෙකුට යකඩ පොල්ලකින් පහරදීමේ චෝදනාවකට ඔහු රිමාන්ඩ් බන්ධනාගාරයේ ගත කර ඇත. මන්නා රොෂාන් ඉපදී හැදී වැඩී ඇත්තේ තංගල්ල ප්‍රදේශයේය. ඝාතනය වන අවස්ථාව වනවිට ඔහු පූගොඩ ප්‍රදේශයේ බිරිය සමග පදිංචි වී සිට ඇත.

ඝාතනයට ලක් වූ ඔහුගේ සගයාත් මත්ද්‍රව්‍යවලට හුරු වූ ආබාධිත පුද්ගලයෙකි. මියගිය මන්නා රොෂාන් නැමැත්තාගේ බිරිය විමර්ශන අංශ වෙත පවසා ඇත්තේ අළුයම ලැබුණු දුරකථන ඇමතුමක් අනුව සිය සැමියා යම් පුද්ගලයෙක් හමුවිය යුතු බව කියා නිවසින් පිටත්ව ගිය බවය. එම දුරකථන ඇමතුම ලබා දී තිබුණේ දැනට ඩුබායිහි වෙසෙන පාතාල අපරාධකරුවෙක් වූ ලලිත් කන්නංගර විසින් යැයි සැමියා කී බවද ඇය පවසා තිබේ.

දැනට විමර්ශන අංශ හෙළි කරගෙන ඇති ආකාරයට මෙම ගමන පිටත්වන්නට පෙර මන්නා රොෂාන් නැමැත්තා යම් පුද්ගලයෙකුගේ ගිනුමක් වෙත රුපියල් පහළොස් දහසක් බැර කර තිබේ. එම ගිනුම් හිමියා සම්බන්ධව ද විශේෂ අවධානයක් යොමු වී ඇත. මන්නා රමේෂ් සහ ඔහුගේ මිතුරා ඝාතනය කර ඇත්තේ වෙඩි 21ක් තැබීමෙන් බවත්, මේ ඝාතනය සැලසුම්කළ ඝාතකයින් මෙම පුද්ගලයින් දෙදෙනා පාදුක්ක තුන්තාන වෙන්දේසි වත්තට ගෙන්වා ඝාතනය කර ඇති බවත් විමර්ශන අංශ වෙත පෙනී ගොස් තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශන සිදුකෙරේ.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago