Local

ජනාධිපතිගෙන් නව පත්කිරීම් 12ක් !

අමාත්‍යාංශ 10 ක් සඳහා ජනාධිපතිවරයා විසින් නව ලේකම්වරුන් පත් කර තිබෙනවා.

මෙම පත්වීම් ලබන මස පළමුවනදා සිට ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස වසන්තා පෙරේරා පත් කර ඇති අතර එහි මෙතෙක් කටයුතු කළ නිහාල් රණසිංහ පත් කර ඇත්තේ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසයි.

වනජිවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ගුණදාස සමරසිංහ, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඒ.සී.මොහොමඩ් නෆීල් සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩබ්ලිව්.පී.පී. යසරත්න පත් කර තිබෙනවා.

වාරිමාර්ග අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස සමන් දර්ශන පඬිකෝරාල පත් කර ඇති අතර, පරිසර අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වන්නේ බී.කේ.පී. චන්ද්‍රකීර්තියි.

ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙසත්, ඉංජිනේරු, රංජිත් රූබසිංහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සදහාත් ආචාර්ය ධර්මසිරි කුමාරතුංග තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත් පත් කර තිබෙනවා.

මීට අමතරව, බස්නාහිර සහ උතුරුමැද පළාත් සභා සඳහා ද ජනාධිපතිවරයා විසින් ප්‍රධාන ලේකම්වරුන් පත් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර පළාතේ ප්‍රධාන ලේකම්වරයා වන්නේ එස්.එල්.ඩී.කේ. විජේසිංහයි. ආර්.එම්.ඩබ්ලිව්.එස් සමරදිවාකර උතුරුමැද පළාතේ ප්‍රධාන ලේකම්වරයා ලෙස පත් කෙරුණා.

Team CNF

Share
Published by
Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago