Local

උසස් පෙළ ප්‍රවේශපත්‍ර පිළිබඳ විශේෂ නිවේදනයක් !

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා ඉල්ලුම් කර ඇති අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර සංශෝධනය සඳහා ලබා දී ඇති කාල සීමාව දෙසැම්බර් 22 වැනි දා දක්වා දීර්ඝ කර තිබේ.

විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පවසන්නේ අදාළ ප්‍රවේශපත්‍ර සංශෝධනය ඊයේ (19) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබූ බවය.

ඔබ ඉල්ලුම් කළ විදියට නම තියෙනවා ද? විෂයන් නිවැරදිද? මාධ්‍ය නිවැරදිද? උපන්දිනය සියලු තොරතුරු නිවැරදිද කියන එක පරීක්ෂා කරන්න. අපි අවස්ථාව දුන්නා මෙහි දෝෂයක් තියෙනවා නම් එය දෙසැම්බර් 22 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා අපි දීර්ඝ කළා. https://onlineexams.gov.lk/onlineapps/ වෙබ් අවඩියට පිවිස සියලු සංශෝධන සිදුකළ හැකිය. අපි අවස්ථාව දෙනවා එහි මුද්‍රිත පිටපතක් ලබාගන්න. එය රැගෙන ඔබ විභාග ශාලාවට යන්නේ.

විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පවසන්නේ සියලු අයදුම්කරුවන් සඳහා මේ වනවිට විභාග ප්‍රවේශ පත්‍ර යොමු කර ඇති බවය.

මේ අතර විශ්වවිද්‍යාල කලා උපාධි ධාරාවේ සැලකිය යුතු වෙනස්කම් රැසක් සිදුකිරීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා මහතා පවසයි.

මෙරට සියලුම විශ්වවිද්‍යාලවල ශාස්‍ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ සහභාගිත්වයෙන් පැවති සම්මන්ත්‍රණයක දී මෙම තීරණයට එළඹි බව ඔහු පවසයි.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago