Foreign

සමලිංගික යුවලවලට ආශිර්වාද කිරීමට පාප් වහන්සේ පූජකවරුන්ට අවසර ලබාදෙයි!

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සමලිංගික යුවලවලට ආශිර්වාද කිරීමට පූජකවරුන්ට අවසර දී තිබෙනවා.

එය සමලිංගික ප්‍රජාව වෙනුවෙන් රෝමානු කතෝලික පල්ලිය ගත් සාදනීය පිවරක් ලෙස සඳහන්. රෝමානු කතෝලික පල්ලියේ නායක, පාප් වහන්සේ කියා සිටියේ යම් යම් තත්වයන් යටතේ සමලිංගික සහ “අක්‍රමවත්” ලෙස සමාජය විසින් හඳුනා ගන්නා යුවලවලට ආශිර්වාද කිරීමට පූජකයන්ට අවසර දිය යුතු බවයි.

නමුත් වතිකානුව පැවසුවේ මෙලෙස කෙරෙන ආශීර්වාද නිතිපතා පල්ලියේ චාරිත්‍රවල කොටසක් හෝ විවාහ මංගල්‍යවලට සම්බන්ධ නොවිය යුතු බවයි.

විවාහය ස්ත්‍රියක් සහ පුරුෂයෙකු අතර සිදු විය යුත්තක් ලෙස සලකන බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සඳුදා මෙම නව වෙනස ප්‍රකාශයට පත් කරමින් වතිකානුව නිකුත් කළ ලේඛනය අනුමත කළ අතර, වතිකානුව කියා සිටියේ එම තීරණය “දෙවියන් වහන්සේ සියල්ලන්ම සාදරයෙන් පිළිගනී” යන්නට ලකුණක් විය යුතු බවයි.

නමුත් පූජකයන්ට එක් එක් සිද්ධිය අනුව තීරණය කළ හැකි බවත් එහි දක්වා තිබෙනවා. මෙම නව ප්‍රකාශය “විවාහය පිළිබඳ පල්ලියේ සාම්ප්‍රදායික මූලධර්මය මත ස්ථිරව” පවතින බව පල්ලියේ ප්‍රධානියා වන කාදිනල් වික්ටර් මැනුවෙල් ෆර්නැන්ඩස් පවසා තිබෙනවා.

Ceylon News Factory

Recent Posts

අර්ජුන මහේන්ද්‍රන්ට නොතීසි !

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට ලබන පෙබරවාරි මස 25 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින…

38 minutes ago

IPL වෙන්දේසියේ කෝටි ගණනකට අලෙවි වූ ළාබාලතම ක්‍රීඩකයා මෙන්න !

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ…

5 hours ago

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරේ !

පවතින අයහපත් කාලගුණය හේතු කරගෙන උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කඳු කඩා වැටීම් සිදුවී තිබෙනවා.…

5 hours ago

උසස් පෙළ සිසුන්ට හදිසි දැනුම්දීමක් !

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට…

5 hours ago

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

19 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

19 hours ago