News

පිපිරවීම් රැසකට සැලසුම් සකසමින් සිටි ISIS සංවිධානයේ අටක් කොටු!

ISIS සංවිධානයට සම්බන්ධ බවට සැක පුද්ගලයින් 08 දෙනෙකු ඉන්දියාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රාන්ත කිහිපයක සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ජාතික විමර්ශන ඒජන්සිය සඳහන් කර ඇත්තේ, මොවුන් ඉන්දියාව පුරා පිපිරවීම් කිහිපයක් සැලසුම් කර තිබූ බවයි.

මුම්බායි, පූනේ, මහාරාෂ්ට්‍ර සහ දිල්ලි යන ප්‍රදේශවල ස්ථාන 19ක් ආශ්‍රිතව සිදුකළ විශේෂ මෙහෙයුමේ දී මෙම ත්‍රස්ත කණ්ඩායම අත්අඩංගුව ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී සැකකරුවන් සන්තකයේ තිබී ඔවුන්ගේ ත්‍රස්ත ප්‍රහාරයේ සැලසුම ඇතුළත් ලිපි ලේඛන ද එරට ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබෙනවා.

මෙම වැටලීමේදී සැකකරුවන් සන්තකයේ තිබූ තියුණු ආයුධ, ආයුධ, ඩිජිටල් උපකරණ සහ පුපුරණ ද්‍රව්‍ය ද ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බවයි ඉන්දිය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

9 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago