උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුතු නව තේරිම් කමිටුව රැස් වී ගනු ලබන තීරණ නිශ්චය වීමටත් පෙර සමාජ මාධ්‍යය තුළ සංසරණය වීම සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට්වල අවධානයට ලක් වී ඇතැයි වාර්තා වේ.
ඊයේ පළමු වරට රැස් වූ තේරිම් කමිටුවේ මූලික සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ගැටලුකාරී තත්ත්වයක් ඇති කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග කියයි.
ඊයේ රැස් වූ නව ක්‍රිකට් තේරීම් කමිටුව ටෙස්ට්, එක්දින සහ විස්සයි 20 සඳහා නායකයින් තිදෙනෙකු පත් කිරීමට සලකා බලමින් සිටින බව සමාජ මාධ්‍ය අනාවරණය කර තිබේ.
ඒ අනුව ටෙස්ට් නායකත්වය දිමුත් කරුණාරත්නගෙන් ධනංජය ද සිල්වා වෙත පැවරීමට නියමිතය. දසුන් ශානක වෙනුවට කුසල් මෙන්ඩිස් සහ වනිඳු හසරංග වෙත පිළිවෙලින් එක්දින සහ විස්සයි 20 සඳහා නායකත්වය දීමට නියමිත බව වාර්තා වේ.
ටෙස්ට් කණ්ඩායමේ උප නායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත් වීමටත් විස්සයි 20 සහ එක්දින කණ්ඩායම්වල උප නායකයා ලෙස චරිත් අසලංක කටයුතු කිරීමටත් නියමිත බවත් වාර්තා වේ.
සිම්බාබ්වේ කණ්ඩායම සමඟ එක්දින සහ විස්සයි 20 තරඟාවලිය සඳහා වන සංචිතය අවසන් කිරීම සඳහා තේරීම් කමිටුව ලබන සතියේ රැස්වන විට අවසන් තීරණයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
මෙන්ඩිස් 😁😁😁