Local

Internet දාලා සල්ලි හොයන්න පාසල් නිල ඇඳුමෙන් ලිංගික දර්ශන රූගත කළ සරසවි යුවලක් අත්අඩංගුවට (VIDEO)

මුදල් උපයා ගැනීමේ අරමුණින් පාසල් නිල ඇදුමින් සැරසී ලිංගික දර්ශනවල පෙනී සිටිමින් එම දර්ශන අන්තර්ජාලයට මුදා හැරි විශ්ව විද්‍යාල සිසුවෙකු සහ සිසුවියක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රජයේ විශ්ව විද්‍යාලයක වෝහාරික වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන සිසුවියක් සහ පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉංජිනේරු විෂය හදාරන සිසුවෙක්.

පිළිමතලාව ප්‍රදේශයේ ඇති ලැගුම්හලකට පැමිණි යුවලක් ලිංගික දර්ශන රූගත කිරීමේ ක්‍රියාවලියක නිරත වන බවට කඩුගන්නාව පොලිසිය ස්ථානාධිපතිවරයාට තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව අදාළ ලැගුම්හලට ගොස් ඔවුන් නවාතැන්ගෙන සිටි කාමරය පරීක්ෂා කළ අවස්ථාවේදී එහි තිබී ජංගම දුරකථන කිහිපයක්, ජංගම දුරකථන රදවන සහ ලැප්ටොප් පරිඝණකයක් සොයා ගත් බවයි පොලිසිය සදහන් කළේ.

විමර්ෂනවලින් අනාවරණය වී ඇත්තේ ඔවුන් ලැගුම්හලේ කාමරය තුල ලිංගික දර්ශන රූගතකර ඇති බවටයි.

එලෙස රූගත කරන ලද දර්ශන අන්තර්ජාලයට යොමුකර ඇති අතර කලක සිට ඔවුන් මෙම ක්‍රියාව සිදු කර ඇති බවට සනාථ වී ඇත්තේ ඔවුන්ගේ අන්තර්ජාල ගිණුමේ නැරඹුම් සංඛ්‍යාව ලක්ෂ 80ත් ඉක්මවා තිබීම හේතුවෙන්.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා විවාහ ගිවස ගෙනද සිටින බව තහවුරු වී ඇති අතර දෙදෙනා අසභ්‍ය ප්‍රකාශන පනත යටතේ මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබෙනවා.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

9 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago