බැංකු ගණුදෙණුකරුවෙකුගේ ගිණුමකින් රුපියල් මිලියන 77.98ක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තලාහේන ශාඛාවට අනුයුක්තව සේවය කළ සම්පත් බැංකුවේ හිටපු නිලධාරීන් පස් දෙනෙකුට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද විදෙස් ගමන් තහනම් කළේය.
සම්මානලාභී පාරම්පරික වෛද්‍යවරයකු වන කැළුම් හර්ෂ කමල් වීරසිංහ මහතාගේ (බැංකු ගිණුම් හිමියාගේ) අවසරයකින් තොරව රුපියල් මිලියන 77.98ක මුදලක් වංචා කර ඇති බවට කරන ලද පැමිණිල්ලකට අනුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
සම්පත් බැංකුවේ තලාහේන ශාඛාවේ සිදුවූ බව කියන මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට වෝහාරික විගණන වාර්තාවක් ඉදිරිපත් කර තිබුණි.
පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා නීතිඥ සචින්ත රුද්‍රිගු මහතා සමඟ පෙනී සිටියේය.
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට ලබන පෙබරවාරි මස 25 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින…
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ…
පවතින අයහපත් කාලගුණය හේතු කරගෙන උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කඳු කඩා වැටීම් සිදුවී තිබෙනවා.…
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට…
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…