තම ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් නිදහස් කරන්නේ, ඊශ්‍රායලය එරට බන්ධනාගාරවල සිටින පලස්තීන සිරකරුවන් සියලු දෙනා නිදහස් කරන්නේ නම් පමණක් යැයි හමාස් සටන්කාමීහු පවසති.
ඊශ්‍රායල රජය එසේ නොකරන්නේ නම්, ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් සියලු දෙනා ඝාතනය කිරීමට තමන් පසුබට නොවන බව ද හමාස් සටන්කාමීන් වැඩි දුරටත් පවසා තිබේ.
හමාස් සටන්කාමීන්ගේ මෙම ප්‍රකාශය, ඊශ්‍රායලයේ දැඩි කෝපයට හේතුවක් වී ඇත. ඊශ්‍රායල හමුදා, ගාසා තීරයේ දකුණින් පිහිටි යූනිස් ඛාන් නගරය වට කරමින් දරුණු ලෙස පහර දීමට පටන්ගෙන ඇත්තේ ද මේ නිසාය.
පසුගිය ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට කඩා වැදී පහර දුන් අවස්ථාවේදී, ඊශ්‍රායලයේ සිට, 240 දෙනකු ප්‍රාණ ඇපකරුවන් ලෙස අල්ලාගෙන ගාසා තීරයට රැගෙන ගියේය.
දින කීපයකට පමණක් සීමා වූ සටන් විරාමය අතරතුරේ, ප්‍රාණ ඇපකරුවන් බොහෝ දෙනකුට නිදහස හිමිවිය.
එසේ වුවත්, තවමත් 130 දෙනකු හමාස් ප්‍රාණ ඇපයේ සිටින බව පැවැසෙයි. හමාස් සටන්කාමීන්, ඝාතනය කිරීමට සූදානම් වෙනවා යැයි පැවැසෙන්නේ එම 130 දෙනාය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…