වැසි සහිත කාලගුණයෙහි බලපෑමෙන් හල්දුම්මුල්ල කොට්ඨාසයේ පාසල් තුනක් වසා දමා ඇතැයි හල්දුම්මුල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක නිලානි ධම්මිකා මහත්මිය අද (11) පැවසුවාය.
නමුත් ඒ පාසල්වල ඉගෙනුම ලබන දූ දරුවන් අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට කටයුතු කර ඇති බවද අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය පැවසුවාය.
බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ධම්මික හේරත් මහතාගේ උපදෙස් අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන අතර නායයාමට ගොදුරු වී අද වැසී ගිය කැලිපානාවෙල විදුහලේ දූ දරුවන් වැල්ලවාය ගම්පහ විදුහලටද, ගල් පෙරළීමේ අවදානමක් හේතුවෙන් වසා දමා ඇති බ්ලැක්වුඩ් විදුහලේ දූ දරුවන් හල්දුම්මුල්ල දෙමළ මහා විදුහලට ද, ගොඩනැගිලි කඩා වැටීමේ අවදානම හේතුවෙන් වසා දැමූ මාලදොල විදුහලේ දූ දරුවන් හරංකහව විදුහලට ද යොමු කර අධ්‍යාපන කටයුතු සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද කොට්ඨාස අධ්‍යක්ෂවරිය කීවාය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…