Local

යාපනයට අමුතු බෝට්ටුවක් ගොඩගසයි !

යාපනයේ වඩමාරච්චි කුඩත්තනෙයි මුහුදු වෙරළට ඊයේ (10) අමුතු හැඩයක බෝට්ටුවක් ගොඩ ගසා තිබේ.

මුහුදු වෙරළට මදක් ඈතට පාවී පැමිණ තිබූ එම බෝට්ටුව පළාතේ ධීවරයින් විසින් ගොඩට ඇද තිබේ.

මෙම බෝට්ටුව ශ්‍රී ලංකාවේ කිසිම පළාතක ධීවරයින් හෝ වෙනත් පිරිස් භාවිත නොකරණ මාදිලියක බෝට්ටුවක් බව බෝට්ටුව පරීක්ෂා කළ ධීවර නිලධාරීන් හා නාවික හමුදාව ප්‍රකාශ කර ඇත.

එය ඉන්දියාවට අයත් බවට පැහැදිලි සාක්කි නොමැති නමුත් බෝට්ටුව ගැන යාපනයේ ධීවර නිලධාරීන් යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ද තොරතුරු දැනුම් දී තිබේ.

අදාල බෝට්ටුවේ සලකුණු හෝ වෙන කිසියම් අක්ෂරයක් නොමැති නිසා ඉන්දියාවේ හෝ ශ්‍රී ලංකාවේ කිසිම ධීවර සමීතියක එය ලියාපදිංචි කර නොමැති බෝට්ටුවක් බවට තොරතුරු හෙළි වී ඇත.

එම බෝට්ටුවේ කවරෙකුවත් පැමිණි බවටද සාධකයක් බෝට්ටුව පරීක්ෂා කළ ධීවර නිලධාරීන්ට හමු වී නොමැත.

නිලධාරීන් සැක පළ කරන්නේ කිසියම් පිරිසක් මෙම බෝට්ටුවෙන් ගොඩ බිමට පැමිණ බෝට්ටුව අත හැරීමක් හෝ අයහපත් කාලගුණික තත්ත්වය නිසා මුහුදේ පාවී යාපනයේ මුහුදු වෙරළට ගොඩගසන්නට ඇති බවය.

කෙසේ වෙතත්, එලෙස මුහුදු වෙරළට ගොඩ ගැසූ එම බෝට්ටුවට පූර්ණ ආරක්ෂාව සලස්වා ඇති බවයි, වාර්තා වන්නේ.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago