Local

මහ වැස්සේ කන්දකාඩු කඳවුරෙන් රැඳවියෝ 50ක් පලා යති – 23ක් අත් අඩංගුවට !

පොළොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් රැඳවියන් පනස්දෙනෙකු පමණ අද (11) සවස පලාගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

අද දහවල් කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් රැඳවියන් දොලොස්දෙනකු පලාගොස් ඇති අතර ඉන් දසදෙනෙකු අත් අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබිණි.

ඉන් අනතුරුව අද සවස රැඳවියන් පනස්දෙනකු යළිත් වරක් පලාගොස් ඇති අතර ඉන් විසි තුන්දෙනෙකු පුලස්තිපුර පොලිසියට භාරවී ඇති බව මේ පිළිබඳ අප කළ විමසීමක දී පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා සඳහන් කළේය.

පලාගිය සෙසු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා වැලිකන්ද, අරලගංවිල මනම්පිටිය, පුලස්තිපුර පොලිසිය සහ යුද හමුදාව එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද පොළොන්නරුව පොලිසිය කියයි.

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් පැනගිය රැඳවියන් කුමන ප්‍රදේශවල ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති අතර ඔවුන් අත් අඩංගුවට ගැනීමට ප්‍රදේශයේ පහත් බිම් යටව තිබීම ද මෙහෙයුම් වලට බාධාවක් වී තිබෙන බව මෙහෙයුමට සම්බන්ධ ආරක්ෂක අංශයේ උසස් නිලධාරියකු අප සමඟ සඳහන් කළේය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණ නියෝග මත වසරක කාලයක් උපදේශන සේවා සඳහා පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කෙරේ.

මීට පෙර ද අවස්ථා කිහිපයක දී කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් සහ සේනපුර පුනරුත්ථාපන කඳවුරෙන් රැඳවියන් වරින් වර පලාගොස් සිටිය දී ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඔවුන් නැවත පුනරුත්ථාපනය කිරිමට කටයුතු කළේය.

බන්ධනාගාර හා පුනරුත්ථාපන ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය මගින් පාලනය වන වැලිකන්ද කන්දකාඩු කඳවුරේ රැඳවියන්ට ආහාර ලබාදීමේදී හා පහසුකම් ලබා දීමේ දී සිදුවන අඩුපාඩු නිසා මීට පෙර අවස්ථා කිහිපයකදී ම රැඳවියන් පිරිස් වශයෙන් පලා ගිය අතර එවැනි තත්ත්වයන් සැලකිලට ගනිමින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ දී මඩකලපුව පරවි දූපත මෙන්ම දූපත් කිහිපයක් යොදාගන්නේ නම් රජය මෙන්ම ආරක්ෂක අංශවලට මුහුණ දීමට සිදුවන ගැටලු සහ අපහසුතා මගහැරෙන බවද යුද හමුදාවේ ආරක්ෂක නිලධාරියකු පැවසීය.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago