ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොංග්‍රසයේ මහනුවර දිස්ත්‍රික් සම්මේලනය එහි නායක කේ. අර්ජුන මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොංග්‍රසයේ දිස්ත්‍රික් නායක මොහොමඩ් අකීල් යන මහත්වරුන්ගේ නායකත්වයෙන් මහනුවර ඩෙවොන් හෝටලයේ දී අද දින පවත්වන ලදී.
මේ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොංග්‍රසයේ මහනුවර දිස්ත්‍රික් ආසන මට්ටමින් නායකයින් පිරිසක් සහභාගී වූ අතර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සඳහා සහ ජනතාවගේ දැවෙන ගැටලු සඳහා සක්‍රීය තරුණ මැදිහත් කිරීමක් සිදු කිරීමට කාලය එළැඹී ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොංග්‍රසයේ නායක කේ.අර්ජුන මහතා පවසන ලදී.
ඒ අනුව ජනතාවගේ තීරණාත්මක ගැටලු සඳහා ක්ෂණික මැදිහත්වීම් සිදු කිරීම සඳහා පුළුල් දිස්ත්‍රික් සම්මේලනයක් සහ ජාතික සම්මේලනයක් කැඳවීමට දේශපාලන පක්ෂ නායකයින් සහ ආයතන පද්ධතීන් සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කළ හැකි කටයුතු මොනවාදැයි හඳුනා ගැනීමටත් දිස්ත්‍රික් නායකත්වය ගෙන එනු ලැබූ යෝජනාව ඒකමතිකව සම්මත කරගන්නා ලදී.
තවද සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන් තුළ වෙනස් ආරයක තරුණ නායකත්වයක් බිහිකිරීම සඳහා ශක්තිමත් පියවරක් මහනුවරින් තැබූ බව තරුණ කොංග්‍රසයේ නායක කේ අර්ජුන මහතා පැවසිය .
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
විශාල පිරිසක්=19