Education

A සාමාර්ථ 25ක් ගෙදරට ගෙනා නිවුන්නු තිදෙනා !

2022 අපොස සාමාන්‍ය පෙල විභාගයෙන් ඒ සාමාර්ථ 25 ක ත්‍යාගයක් දෙමාපියන්ට දායාද කිරීමට ගාල්ල මාපලගම නිවුන් සොයුරෝ තිදෙනෙක් සමත් වූහ.

මාපලගම පදිංචි අනුද මිනුල ගජනායක, අකිඳු විරුල ගජනායක, අමිරු සනුල ගජනායක මේ අපූරු නිවුන්නු වෙති.

මෙයින් අනුද ඒ සාමාර්ථ නවයක් ද , අමිරු හා අකිඳු ඒ සාමාර්ථ අටක් හා බී සාමාර්ථ දෙක බැගින් ලබාගෙනද විභාගය ඉහළින්ම සමත්ව සිටිති.

මේ තිදෙනාම එකට ඉපිද නාගොඩ ප්‍රාථමික විදුහලේ එකට ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ අතර අනුද 5 ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 172 ක් ලැබ ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහලට ද, ශිෂ්‍යත්වයෙන් ලකුණු 162 ක් ලැබ සමත්වූ අකිඳු සහ ආසන්නයටම පැමිණ එම කඩ ඉම අහිමිවූ අමිරු නාගොඩ රාජකීය මහ විදුහලටද 6 ශ්‍රේණියට ඇතුළත්ව ඉගෙනුම ලබා සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිට මෙම විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත්හ.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago