දිවයින පුරා හදිසි විදුලි බිඳ වැටීමක් සිදුවී තිබෙනවා.
කොත්මලේ සිට බියගම දක්වා දිවෙන මාර්ගයේ ඇති වූ දෝෂයක් හේතුවෙන් විදුලිය විසන්ධි වී ඇති බවයි අප කළ විමසීමකදී විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
පැය කිහිපයක් ඇතුළත බිඳවැටුණු විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව ලං.වි.ම. මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත එහිදී සඳහන් කළා.
එමෙන්ම මේ වන විට ප්‍රදේශ කිහිපයක විදුලිය යථා තත්ත්වයට පත් කර ඇති අතර, අනෙකුත් සියලුම ප්‍රදේශවලට සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කරමින් සිටිනවා.
Update : කොටස් වශයෙන් විදුලි සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් ඇති බවත් ඒ සඳහා පැය 2 ක් පමණ (රාත්‍රී 9) ගතවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…