Local

පිඹුරත්තෑව ජලාශයේ ස්ථාන කිහිපයකින් වාන් දොරටුව පුපුරා විනාශයක් අත ලඟ !

පොළොන්නරුව මහවැලි බී කලාපයේ මාදුරුඔයට පමණක් දෙවැනි වන දැවැන්තම ජලාශය වූ පිඹුරත්තෑව ජලාශයේ මෑතකදීම ඉදිකරන ලද දිගින් විශාලතම වාන් දොරටුවේ ස්ථාන කීපයක පිපිරීම් ඇති වී බරපතල අවදානමක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

එම පිපිරුම් ස්ථානවලින් විශාල වශයෙන් ජලය පිටවෙමින් ඇති බවත් කොන්ක්‍රීට් වේල්ල කඩාගෙන ගියහොත් විශාල විනාශයක් සිදුවීමට ඉඩකඩ තිබෙන බවත් පිඹුරත්තෑව ගොවි සංවිධාන නියෝජිතවරු පවසයි.

V හැඩයෙන් යුක්ත මෙම කොන්ක්‍රීට් වේල්ල ස්ථාන කිහිපයකින් පුපුරා ඇති අතර කොන්ක්‍රීට් දියවීම හේතුවෙන් එම ස්ථාන වලින් ජල කඳක් කාන්දු වී යන අතර එම ස්ථාන කැඩී බිඳී වේල්ල කඩාගෙන ගියහොත් 503 කලාපයේ කුඹුරු යාය මෙන්ම අරලගංවිල නගරය සහ ගම්මාන කිහිපයක් ජලයෙන් යටවී විශාල විනාශයක් සිදුවිමට ඉඩ ඇති බව ඔවුහු පෙන්වා දෙති.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පාලනය පිඹුරත්තෑව ජලාශයේ මෑතකදී ම ඉදිකරන ලද දිගින් විශාලතම වේල්ල අලංකාර අයුරින් නිර්මාණය කිරීමෙන් පසුව පිටාර ගලන ජල කඳ නැරඹීමට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දෙස් විදෙස් සංචාරකයෝ පැමිණියහ.

මේ පිළිබඳව ‍ශ්‍රි ලංකා මහවැලි අධිකාරියේ මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කළමණාකාර සුගත් වීරසිංහගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ, ඒ පිළිබඳ වහාම සොයා බලා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවයි.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago