Foreign

නැගෙනහිර ටිමෝරයේ ඉහළම වීර සම්මානය ලාංකිකයෙකුට !

නැගෙනහිර ටිමෝරයේ නිදහස් අරගලය වෙනුවෙන් දැක්වූ දායකත්වය ඇගැයීමකට ලක් කරමින් එරට ජනාධිපති රාමෝස් හොර්තා මහතා විසින් එරට රජයේ ඉහළම වීර සම්මානය ශ්‍රී ලාංකිකයෙකු වන ෆ්‍රෙඩී ගමගේ මහතා වෙත ප්‍රදානය කර ඇති අතර, එම සම්මානය රැගෙන ඒ මහතා 12/07 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

ෆ්‍රෙඩී ගමගේ ශ්‍රී ලංකාව තුළ මාධ්‍යවේදියෙකු, සිවිල් සමාජ ක්‍රියාධරයෙකු මෙන්ම මානව හිමිකම් ආරක්ෂකයෙකු ලෙස ද කටයුතු කරමින් සිටින්නේය.

නැගෙනහිර ටිමෝරය යනු ඉන්දුනීසියාවත් ඕස්ට්‍රේලියාවත් අතර පිහිටි කුඩා රාජ්‍යයකි.

මෙය 1975 නොවැම්බර් 28 වන දා තෙක් පෘතුගීසි යටත් විජිතයක්ව පැවති අතර එදින නිදහස ලැබූ එම රාජ්‍යය යළි දින ගනනාවකට පසු, එනම් 1975 දෙසැම්බර් මස 07 දින ඉන්දුනීසියාව විසින් අත් පත් කර ගෙන තිබේ.

එරටින් නිදහස ලබා ගැනීම සදහා එරට වැසියන් සමග ආසියා – පැසිෆික් කළාපීය රටවල නිදහස්කාමීන් දීර්ඝ අරගලයක නිරත වී තිබේ.

මෙම අරගලයට සහභාගී වීම සදහා නැගෙනහිර ටිමෝරය වෙත යමින් සිටි ෆ්‍රෙඩී ගමගේ මහතා පිලිපීනයේ මැනිලා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී දෙවරක් සහ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී එක් වරක් පිටුවහල් කිරීමකට ද ලක් වී තිබේ.

මෙම අරගල වල ප්‍රතිඵලයක් ලෙස 2002 වසරේ මැයි මස 20 වැනි දින නැගෙනහිර ටිමෝරය නිදහස් රාජ්‍යයක් වන අතර, එම නිදහස් අරගලය වෙනුවෙන් ෆ්‍රෙඩී ගමගේ මහතා දැක්වූ දායකත්වය ඇගැයීමකට ලක් කර මෙම වීර සම්මානය ඉකුත් 11/27 දින එරට ජනාධිපති රාමෝස් හොර්තා මහතා විසින් ෆ්‍රෙඩී ගමගේ මහතා වෙත පිරිනමා තිබේ.

මෙම සම්මානය රැගෙන 12/07 දින රාත්‍රී 11.48 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 179 දරන ගුවන් යානයෙන් ෆ්‍රෙඩී ගමගේ මහතා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර, ඒ මහතා පිළිගැනීම සදහා මාධ්‍යවේදීන්, සිවිල් සමාජ ක්‍රියාධරයන්, නෑදෑ හිතවතුන් විශාල පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

Ceylon News Factory

Recent Posts

අර්ජුන මහේන්ද්‍රන්ට නොතීසි !

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට ලබන පෙබරවාරි මස 25 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින…

2 hours ago

IPL වෙන්දේසියේ කෝටි ගණනකට අලෙවි වූ ළාබාලතම ක්‍රීඩකයා මෙන්න !

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ…

6 hours ago

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරේ !

පවතින අයහපත් කාලගුණය හේතු කරගෙන උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කඳු කඩා වැටීම් සිදුවී තිබෙනවා.…

6 hours ago

උසස් පෙළ සිසුන්ට හදිසි දැනුම්දීමක් !

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට…

7 hours ago

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

20 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

20 hours ago