තලවතුගොඩ – කිඹුලාවල පිහිටි ස්ට්‍රීට් ෆුඩ් වෙලදසැල් හෙට (08) වනවිට ඉවත් කර ගන්නා ලෙස එම කඩ හිමියන්ට මාර්ග සංවර්ධන අධිකාරිය තුන්වන වරටත් දැනුම් දී තිබෙනවා.
කෙසේ වෙතත් වෙළඳසැල් හිමියන් කියා සිටියේ තම ආහාර අලෙවිසැල් එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට කිසිසේත්ම සූදානමක් නොමැති බවයි.
දෙස් විදෙස් පිරිස් අතර ජනප්‍රිය කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ් අලෙවිසැල් පෙළ ඉවත් කර ගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය මුල් වරට දැනුම් දී තිබුනේ පසුගිය පෙබරවාරි මාසයේදීයි.
ඉන් අනතුරුව පසුගිය අගෝස්තු මාසයේදීද යළි ඒවා ඉවත් කර ගන්නා ලෙස එම අධිකාරිය දැනුම් දී තිබුණා.
මෙලෙස තුන් වන වරටත් මෙම වෙළදසැල් ඉවත් කර ගන්නා ලෙස තමන්ට දැනුම් දී ඇති බවයි කොළඹ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවක් කැදවමින් කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ් සංගමයේ සභාපති සිසිර දිසානායක කියා සිටියේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…