Local

ෂම්මි රොෂාන් රණසිංහට විරුද්ධව අල්ලස් කොමිසමට යයි !

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබාදුන් මුදල් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත නිල වශයෙන් පැමිණිල්ලක් ගොනු කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටියේ ශ්‍රී ලංකාවේ අනෙකුත් විවිධ ක්‍රීඩා සංවර්ධනය සඳහා ජාතික ක්‍රීඩා අරමුදලට මෙම මුදල් ලබාදී ඇති බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වෙන්කර ඇති මුදල් අපේක්ෂිත අරමුණු සඳහා යෙදවීම පිළිබඳව නිසි පරිදි අනාවරණය නොකිරීම හේතුවෙන් මෙම පැමිණිල්ල ගොනු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත හෙළි කළ තොරතුරු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තොරතුරු දැනගැනීමේ පනත යටතේ අයදුම්කර ලබා ගත් තොරතුරු පැහැදිලි විෂමතාවයක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මූල්‍ය ගණුදෙණුවල අඛණ්ඩතාව පවත්වා ගැනීමේ වැදගත්කම සහ නියමිත අරමුණු සඳහා එම අරමුදල් යෙදවීම සහතික කිරීමේ වැදගත්කම අවධාරණය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, අල්ලස් කොමිසමට ගොනු කර ඇති විධිමත් පැමිණිල්ල මගින් ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ඉහළම පාලන ප්‍රමිතීන් සහ ආචාර ධර්ම ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කැපවීම අවධාරණය කරන බව පැවසීය.

අල්ලස් කොමිසම මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා කරුණු සොයා බලා අවශ්‍ය පරිදි සුදුසු පියවර ගනු ඇතැයි ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශ්වාසය පළ කළේය. එම ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එල්ල කරන චෝදනා මුළුමනින්ම ප්‍රතික්ෂේප කළේය. පසුගියදා සිය ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් නෙරපා හරින ලද පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ පැවසුවේ ක්‍රීඩා අමාත්‍යාංශයට අදාළ නිල කටයුතු සඳහා එම මුදල් යොදවා ඇති බවය.

එම වියදම් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් විගණනය කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago