Local

බිරිඳ සමඟ අනියම් සම්බන්ධතාවක් පැවැත් වූ සොහොයුරාව මරා දින තුනක් පුලුස්සයි !

තම බිරිඳ සමග අනියම් ඇසුරක් පැවැත්වූ වැඩිමහල් සොහොයුරාට පහරදී ඝාතනය කර එම සිරුර දින තුනක් පුරා පෙට්‍රල් දමා පුළුස්සා අළු කළ පුද්ගලයෙක් අකුරැස්ස
පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇත්තේ සිරුර පුළුස්සා අළු බවට පත්කර පසුව එම අළු වූ ශරීර කොටස් මල්ලක දමා ඔයකට විසිකර ඇති බවයි.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අකුරැස්ස, හේනේගම, බලපාත, උඩුගමවත්ත හේන ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි පුද්ගලයෙක්.

මෙලෙස මියගිය තැනැත්තාගේ බිරිඳ විසින් පොලිසියට පවසා ඇත්තේ පසුගිය ඔක්තෝබර් මස 28 වනදා තම සැමියා අකුරැස්සේ සිට දෙහිඅත්තකණ්ඩිය පිහිටි තම නිවසට පැමිණෙන බව කීවත් ඔහු ගැන මාසයක් මුළුල්ලේ කිසිදු තොරතුරක් නොමැති බැවින් තමන් විසින් පොලිසියට පැමිණිල්ලක් සිදුකළ බවයි.

එම පැමිණිල්ල මත විමර්ශන සිදුකර අදාළ පුද්ගලයාගේ මියයෑම සම්බන්ධයෙන් ඔහුගේ බාල සහෝදරයා වූ 58 හැවිරිදි අයෙක් සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.

එහිදී ඔහුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ සැකකරුගේ බිරිඳ මීට වසර දෙකකට පෙර දියේ ගිලී මියගොස් ඇති බවත් ඇය මියයෑමට පෙර ඝාතනයට ලක්වු වැඩිමහල් සහෝදරයා සමග අනියම් ඇසුරක් පවත්වා ඇති බවත්, ඒ වෛරය නිසා වැඩිමහල් සහෝදරයා ඔක්තෝබර් 28 වනදා රාත්‍රීයේ පිටව ගිය අවස්ථාවේ දී නිවසට ආසන්න ස්ථානයක දී ඔහුගේ හිසට පොල්ලකින් පහරදී ඝාතනය සිදුකළ බවයි.

පසුව ඝාතනයට ලක්වූ සහෝදරයාගේ සිරුර කැළයට රැගෙන ගොස් පෙට්‍රල් දමා පුළුස්සා ශරීර කොටස් මුළුමනින්ම දහනය කර දින 03ක් පුරා මුළු ශරීරයම පුළුස්සා ඇතැයි ද සැකකරු පාපොච්චාරණය කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago