Education

කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අත්හිටුවයි – වෛද්‍ය පීඨය හැර අනෙක් සියලුම පීඨ නැවත දැනුම්දෙනතුරු වසා දමයි !

කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ වෛද්‍ය පීඨය හැර කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අද (04දා) පස්වරු 2.00 සිට නැවත දැනුම්දෙනතුරු නවතා දමන බවයි.

ඒ අනුව අදාළ නිවේදනයෙන් සියලුම සිසුන් වෙත දැනුම්දෙනු ලබන්නේ හෙට (05දා) උදෑසන 5.00ට පෙර සියලුම නේවාසික සිසුන් සිය නේවාසිකාගාරවලින් ඉවත්විය යුතු බවයි.

එසේම නැවත දැනුම්දෙනතුරු කැලණිය විශ්වවිද්‍යාලයේ දළුගම පරිශ්‍රය ඇතුළු විශ්වවිද්‍යාලයට අයත් පරිශ්‍රයන් වෙත සහ විශ්වවිද්‍යාලයට අයත් සියලුම අභ්‍යන්තර සහ භාහිර නේවාසිකාගාර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඇතුළුවීම තහනම් කර තිබෙනවා.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago