රාගම වෛද්‍ය පීඨයේ සිසුන් 180 දෙනා මුදා ගෙන ඇති බව වාර්තා වනවා.
ඒ ඔවුන් හන්තාන කඳු මුදුනෙහි අතරමංව සිටින බව පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව සිදුකළ මෙහෙයුමකින් පසුවයි.
ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග පැවති දැඩි මීදුම් තත්ත්වයක් නිසා එම ප්‍රදේශයට ළඟා වීමට දැඩි අපහසු තත්ත්වයක් පැවති බව පොලීසිය සඳහන් කළා.
කෙසේ වෙතත් එම සිසුන් පිරිස මුදා ගැනීම සඳහා යුද හමුදාව සහ පොලීසිය එක්ව පැය 6 ක පමණ විශේෂ මෙහෙයුමක් දියත් කිරීමෙන් අනතුරුව පිරිස මුදා ගෙන තිබෙනවා.
මෙම වෛද්‍ය පීඨයේ සිසුන් 180 අතර සිසුන් 60ක් සහ සිසුවියන් 120ක් වූ බව සඳහන්.
පැවති අයහපත් කාලගුණය නිසා යළි පැමිණීමට මාර්ගය අපැහැදිළි වීමෙන් ඔවුන් මෙලෙස හන්තාන කඳු මුදුනේ අතරමංව සිට තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…