Local

රෑටත් දඩ කොළ ගෙවන්න අවස්ථාව – තැපැල් කාර්‍යාල 13ක් පැය 24 ම විවෘතයි !

මහජනතාවගේ පහසුව සඳහා රථවාහන වැරදි සඳහා දඩ මුදල් ගෙවීමේ ක්‍රියාවලිය සරල කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පොලිසිය සහ තැපැල් දෙපාර්තමේන්තු ඒකාබද්ධ ව්‍යාපෘතියක් දියත් කර ඇත.

ඒ අනුව මහජනතාවට රාත්‍රියේදී පවා රථ වාහන දඩ මුදල් ගෙවීමට හැකිවන පරිදි බස්නාහිර පළාතේ තැපැල් කාර්යාල 13ක් පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව කොම්පඤ්ඤවීදිය, හැව්ලොක් ටවුන්, වැල්ලවත්ත, බොරැල්ල, කොටහේන, බත්තරමුල්ල, නුගේගොඩ, දෙහිවල, ගල්කිස්ස, මොරටුව, පානදුර, කළුතර සහ සීතාවකපුර යන ප්‍රදේශවල පිහිටි තැපැල් කාර්යාල පැය විසිහතර පුරා ක්‍රියාත්මක වේ.

තැපැල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ අදාළ තැපැල් කාර්යාල මගින් දඩ මුදල් භාරගනු ලබන්නේ වැඩ කරන වේලාවෙන් පිටතදී පමණක් බවයි.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago