ලෝක කුසලානය (World Cup 2023) ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ට සහ පවුල් සාමාජිකයින්ට මරණ තර්ජන එල්ල වී ඇති බව ක්‍රීඩකයින් විසින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත පැමිණිලි කොට තිබෙනවා.
එමෙන්ම ක්‍රීඩකයින්ගේ බිරින්ඳෑවරුන් දූෂණය කරන බවට ද තර්ජන එල්ල වී ඇති බව එහි සඳහන්. එම තර්ජන ඔවුන්ගේ පවුලේ සමාජිකයන්ට ද එල්ල වී ඇති බවටයි, ක්‍රීඩකයින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය වෙත දන්වා ඇත්තේ.
ඉන්දියානු ක්‍රිකට් රසිකයන් විසින් මෙම තර්ජන එල්ල කර ඇති බව South Asia Index පුවත් සේවය නිකුත් කළ X සටහනේ වැඩිදුරටත් සඳහන්.
මේ අතර සමාජ මාධ්‍ය ප්‍රකාශනයන් හි දක්නට ලැබෙන්නේ ග්ලෙන් මැක්ස්වෙල් සහ ට්‍රැවිස් හෙඩ් ඉලක්ක කරගනිමින් අදාළ වෛරී ප්‍රකාශ නිකුත් වී ඇති බවයි එහි සඳහන් කර තිබුණේ.
එහිදී ට්‍රැවිස් හෙඩ්ගේ අවුරුද්දක් වයසැති දියණිය ද ඉල්ලක්ක වී තිබෙනු දක්නට ලැබුණා.
ඉන්දියාවේ දී පැවැති එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය කඩුලු 06කින් ජයගැනීමටයි පසුගිදා ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණේ. ඒ, තරගාවලිය පුරා අපරාජිතව සිටි ඉන්දිය කණ්ඩයම පරාජයට පත් කරමින්.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…