ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කොටසක් වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව, එහි උපකුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය පද්මලාල් මානගේ මහතා පවසනවා.

උපකුලපතිවරයාගේ නිල කාමරය අසළට ගොස් සිසුන් පිරිසක් කළ බලපෑම් හමුවේ මෙම තීරණය ගෙන ඇති බවයි උපකුලපතිවරයා පවසන්නේ.

විශ්වවිද්‍යාල ආරංචි මාර්ගවලට අනුව, විශ්වවිද්‍යාල සිසුන් 6කගේ පන්ති තහනම් කිරීමේ සිද්ධියකට විරෝධය පළකරමින් මෙලෙස තවත් සිසුන් පිරිසක් උපකුලපතිවරයාට බලපෑම් එල්ල කිරීමට ඔහුගේ නිල කාමරය අසලට රැස් වී තිබෙනවා.

විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කරන අයුරින් මෙලෙස පංති තහනම් කර ඇත්තේ, විනය විරෝධී සිද්ධියකට අදාළ සිසුන් පිරිසකගේ බව‍යි.

කෙසේ වෙතත් එම විශ්වවිද්‍යාලයේ අනෙකුත් අධ්‍යන අංශවල කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන අතර, තාවකාලිකව වසා දැමූ පීඨය නැවත විවෘත කෙරෙන දිනයක් පිළිබඳව තවම නිල ප්‍රකාශයක් පැමිණ නැහැ.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago