ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ (19) දින සිදු කළ ප්‍රකාශය ද්වේශ සහගත, පදනම් විරහිත චෝදනාවක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමිනුයි එම ආයතනය මේ බව සඳහන් කළේ. අමාත්‍යවරයා විසින් සිදු කළ ප්‍රකාශ සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව ද එහි සඳහන්.
මේ අතර ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබූ ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගොනු කර ඇති පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතයි.
ඊට සහභාගී වීම සඳහා මීට සුළු වේලාවකට පෙර අර්ජුන රණතුංග මහතා පැමිණ සිටියා.
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයේ පත් කිරීම බලරහිත කරන ලෙස ඉල්ලමින් ශම්මි සිල්වා ඇතුළු පිරිස රීට් පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබුණා.
එය පෙත්සම ඉකුත් 16 වැනිදා අභියාචනාධිකරණය හමුවේ අවසන් වරට කැඳවනු ලැබූවා.
එහි දී මෙම පෙත්සම සලකා බැලීමෙන් තෙවන වරටත් විනිසුරුවරයෙක් ඉවත් වුණා. අනතුරුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා විසින් පෙත්සම සලකා බැලීම සඳහා සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන නව විනිසුරු මඩුල්ල පත් කෙරුණා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…