Local

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහට කැඳවීමක් !

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ලබන 22 වනදා ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත කැඳවා තිබෙනවා.

සභාපතිවරයා විසින් පසුගියදා නිකුත් කළ ආන්දෝලනාත්මක නිවේදනයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා එම ඒකකය වෙත කළ දැනුම්දීමකින් අනතුරුවයි මෙම කැඳවීම සිදුකර ඇත්තේ.

ලෝක කුසලාන තරගාවලිය අවසන් කරමින් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථවේ දී ගුවන්තොටුපොළේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සඳහන් කළේ තරග පරාජයන්ට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවයි.

ඒ සම්බන්ධයෙන් අනාවරණය කිරීමට තමන්ට දින දෙකක් ලබාදෙන ලෙසට ද ඔහු එහිදී ඉල්ලීමක් කර සිටියා.

ඊට දින කිහිපයකට පසුව එනම් පසුගිය 13 වනදා ඔහු විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අනාවරණයන් කිහිපයක් සිදුකළා.

තරග පවාදීමේ සූදුවේ නිරත පිරිස් ක්‍රිකට් ක්‍රීඩාව බිඳ වැට්ටවීමට උත්සාහ දැරූ බව සහ සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරයන් ගෙනයාමට ඇතැම් පිරිස් විශාල වශයෙන් මුදල් ආයෝජනය කර ඇති බවට ද එම නිවේදනයේ දැක්වෙනවා.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago