වයස අවුරුදු 13ක දැරියකට නීති විරෝධී ලෙස ගබ්සාවක් සිදු කිරීමේ චෝදනාව මත මුලතිව් කුමුලමුනෙයි ප්‍රදේශයේ තිදෙනෙකු මුලතිව් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම දැරිය ගැබ් ගෙන ඇත්තේ එම දැරියගේ මවගේ අනියම් සමියා අතින් බවයි පොලිසිය සඳගන් කොට සිටින්නේ.
දැරියට හදිසියේ වැළදුණු උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට ගිය අවස්ථාවේදී ඇය ගැබ් ගෙන ඇති බව හෙළිවීමෙන් පසුව මුලතිව් නගරයේ වෛද්‍යවරයෙකු හමු වී ඇයට ගබ්සාවක් සිදු කරගෙන තිබෙනවා.
පසුව දැරිය අධික ලෙස රුධිරය වහනය වීම නිසා රෝගී වීමෙන් පසුව මුලතිව් රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර එහිදී දැරිය වෛද්‍යවරයෙකුට සිදු වූ සියලු දේ ප්‍රකාශ කොට තිබෙනවා.
වෛද්‍යවරයා මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව ගබ්සාව සිදු කළ වෛද්‍යවරයාද දැරියගේ මව හා ඇගේ අනියම් පුරුෂයාද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දැරිය තවමත් මුලතිව් රෝහලේ ප්‍රතිකාර ලබන අතර සැකපිට අත්අඩංගුවට ගත් තිදෙනා මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…