බලංගොඩ, ගවරන්හේන, වැයින්තැන්න ප්‍රදේශයේ නිවාස හතරක් ඊයේ (12) රාත්‍රියේ නාය යාමකට ලක්ව තිබෙනවා.
ඉන් එක් නිවාසයක් සම්පූර්ණයෙන්ම යටවී ඇති බවයි බලංගොඩ පොලිසිය පවසන්නේ.
එම නිවසේ සිටි මව,පියා සහ දියණියන් දෙදෙනකු අතුරුදන්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.
අනෙකුත් නිවාසවල සාමාජිකයින් 9 දෙනෙක් ඒ ආසන්නයේ පිහිටි වාඩියක රැඳී සිටින බවත් තුවාල ලැබූ එක් පුද්ගලයෙකු රෝහල් ගත කිරීමට පියවර ගත් බවත් පොලිසිය පැවසුවේ.
තවත් වයෝවෘද පුද්ගලයෙකු පස්කණ්ඩියකට යට වී සිටියදී මුදවා ගැනීමට හැකි වී තිබෙනවා.
රාත්‍රි කාලය නිසාත් පවතින දැඩි අවදානම් සහිත තත්ත්වය නිසාත් අතුරුදන් පුද්ගලයන් සොයා ගැනීම දුෂ්කර වී තිබූ අතර අතුරුදන් වූවන් ආරක්ෂිතව සිටිනවාදැයි සැකයක් පවතින බවත් පොලිසිය පවසනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…