විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අද (10) පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවට විශේෂ හෙළිදරව්වක් කර තිබෙනවා.
ඔහු සඳහන් කර සිටියේ ඊයේ දිනයේ ප්‍රසිද්ධ හෝටලයකට එකතු වුණු ගජමිතුරු කල්ලියක් විසින් ඉන්දියාවේ හා සම්බන්ධ වෙමින් පැය 48ක් හෝ පැය 72ක් ඇතුළත අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර තහනමට ලක් කරන බව සඳහන් කර ඇති බවයි.
පාර්ලිමේන්තුව ඒකමතිකව ගත් තීරණයෙන් පසුව මේ දූෂිත කල්ලිය මෙලෙස හැසිරෙන්නේ නම් මේ සම්බන්ධයෙන් ගන්නා වූ තීරණය කුමක් ද යන්න පිළිබඳව එහිදී විපක්ෂ නායකවරයා ප්‍රශ්න කරනවා.
ප්‍රජාතන්ත්‍රවාදයට ඇගිලි ගසනවා යන්න පදනම් කර ගනිමින් මෙලෙස ඔවුන් චෝදනා කරන බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
ඒ අනුව ඊයේ දිනයේ දී දිනවපු ඒකමතික තීරණය පරාජයක් ද යන්න පිළිබඳව ද මෙහිදී ඔහු ප්‍රශ්න කර තිබෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දැක්වූයේ මෙවන් අදහසක්,
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ආයතයේ මුදලින් කුලිය ගෙවන කාර්‍යාල කාමරය ඉදන් හොර දූෂිත කණ්ඩායම් එකට එකතු වෙලා ඒ ගොල්ලෝ කියලා තියෙනවා ඉන්දියාවේ ෂාට කතා කරලා පැය 48ක් හෝ පැය 72ක් ඇතුලත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර තහනමට ලක් කරනවා කියලා. මෙහෙම නටන්න ආවොත් පැය 24,48,72ක් ෂාට කියලා තහනම් කරනවා කියලා. මේකට මොකද්ද අපි 225 ගන්න තීරණය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…