Local

තරුණ නියෝජනය තහවුරුයි – දොලවත්තගේ තරුණ නියෝජනය 25%ක් කරන යෝජනාව සම්මතයි !

රටේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී තරුණ ප්‍රජාවට වැඩි අවස්ථාවක් ලබාදීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා විසින් ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව අද (10) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත විය.

262 වන අධිකාරය වූ පළාත් පාලන ආයතන ජන්ද විමසීම් ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් ලෙස ඉදිරිපත් වූ මෙම පෞද්ගලික මන්ත්‍රී යෝජනාව මගින් “ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන ක්‍රමය”‍ වඩාත් ශක්තිමත් කිරීම සඳහා මැතිවරණවලදී තරුණ තරුණියන්ට වැඩි අවස්ථාවක් සලසා දීම සඳහා පළාත් පාලන මැතිවරණයන්හි පළමු සහ දෙවන නාම යෝජනා ලැයිස්තුවල අවම වශයෙන් 25%ක තරුණ නියෝජනය තහවුරු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන මෙම කෙටුම්පතෙහි ඇතුළත් වී ඇත.

මෙම පනත් කෙටුම්පත සැකසීම සඳහා තාක්ෂණික සහය Institute of Politics ආයතනය වෙනුවෙන් නීතිඥ අකලංක හෙට්ටිආරච්චි මහතා සහ සංජීව විමලගුණරත්න මහතා විසින් 2022 වසරේදී ලබා දී තිබුණ අතර මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම සඳහා පසුබිම සැකසීම සඳහා සත්‍ය ගවේෂී සංවිධානයද මන්ත්‍රී ප්‍රේම්නාත් දොළවත්ත මහතා වෙත සිය සහය ලබා දී තිබුණි.

සංජීව විමලගුණරත්න
නීතිඥ අකලංක හෙට්ටිආරච්චි

පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතක් ඉදිරිපත් කරමින් තරුණ නියෝජනය තහවුරු කිරීමට දොළවත්ත මන්ත්‍රීවරයා ගනු ලැබූ මෙම ක්‍රියාමාර්ගය තරුණ සංවිධාන ගණනාවක් විසින් මේ වනවිට ප්‍රසාදයට ලක් කර ඇත.

Ceylon News Factory

Recent Posts

රාජිත සේනාරත්න නිදොස් කොට නිදහස් !

සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට…

6 hours ago

උසස් පෙළ විභාගයේ සංශෝධිත කාල සටහන මෙන්න !

අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම…

7 hours ago

අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළට !

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම…

8 hours ago

උඩරට දුම්රිය ධාවනයට තවදුරටත් බාධා !

නායයාම් හා ගල්පෙරලිම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය…

8 hours ago

ට්‍රැක්ටර් අනතුරට අදාළව විදුහල්පති සහ ගුරුවරයෙක් රිමාන්ඩ් !

අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු අතුරුදන්…

8 hours ago

ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි – අද කාලගුණය මෙන්න !

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට…

9 hours ago