Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඩොලර් මිලියන 2ක මුදල් අදින සැලැස්මක් ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි (VIDEO)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් විසින් රාජ්‍ය බැංකුවක ඇති ගිණුමකින් ඩොලර් මිලියන 2ක මුදලක් මේ මොහොතේ ලබාගැනීමට උත්සාහ දරමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි ක්‍රීඩා අමාත්‍යවරයා පවසයි.

‘දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම’ යන මැයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ විවාදය මේ වනවිට පාර්ලිමේන්තුවේ පැවැත්වේ.

එම අවස්ථාවේ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, එම බලධාරීන්ගෙන් එක් අයෙක් මේ වනවිටත් දිවයිනෙන් පිටව ගොස් ඇති බවය.

නිදහස් චතුරස්‍රයේ ඇති ගිණුමෙන් ඩොලර් මිලියන 2ක මුදලක් ගන්න කටයුතු කරනවා කියලා මට පණිවුඩයක් ලැබුණා. පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්නය තියෙන නිසා කළමනාකාරතුමා ඉහළින් මේ ගැන උපදෙස් ඉල්ලලා තියෙනවා. පාර්ලිමේන්තුවට තියෙන බලය ගැන විමසන්න ශ්‍රේෂ්ඨාධිකරණය මතය විමසන්න යනවා කියලා අපි මාධ්‍යයෙන් දැක්කා. මේ ගිණුම්වල මුදල් ගැනීම සහ පැහැදිලි දුෂණයක් තියෙනවා. මේ අයගේ ගමන් බලපත්‍ර අත්හිටුවන්න මොකද්ද අපිට ගන්න පුළුවන් පියවර කියලා බලන්න ඕනේ. එක පුද්ගලයෙක් රටේ නෑ. තවත් කල්මැරීම තුළ මොකද්ද වෙන්නේ කියලා ප්‍රශ්නයක්. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නෑ.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago