Local

මහ බැංකුවේ සංචිත ප්‍රමාණයන් පිළිබඳ නවතම තොරතුරු මෙන්න !

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2023 ඔක්තෝබර් මාසය අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 3,562 ක් ලෙසින් සටහන්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

මෙය 2023 සැප්තැම්බර් මාසය අවසානයේ පැවති ඩොලර් මිලියන 3,540 ක් වූ නිල සංචිත වත්කම් අගය හා සැසඳීමේ දී 0.6% ක සුළු වැඩිවීමක්.

නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2023 ඔක්තෝබර් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 3,492 ක් ලෙසින් වාර්තා වන අතර එය 2023 සැප්තැම්බර් මාසයේ සටහන් වූ ඩොලර් මිලියන 3,499 ට වඩා 0.2% ක පහළ යාමක් ලෙස දැක්වෙනවා.

මෙම සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.3කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර, එය භාවිත කිරීමේ දී කොන්දේසිවලට යටත් වන බව මහ බැංකුව සඳහන් කරනවා.

2022 ඔක්තෝබර් මාසයේ දී මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩො.මි. 1,705 ක් දක්වා පමත වැටුණු අතර එය මෑත කාලයේ දී මාසයක් තුළ වාර්තා වූ අඩුම සංචිත වත්කම් ප්‍රමාණයයි.

එතැන් සිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගන්නා ලද විවිධ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු වෙනත් මූලාශ්‍ර හරහා ලද ලැබීම් හේතුවෙන් 2023 ජූලි මාසය වන විට මෙම අගය ඩො.මි. 3,762 ක් දක්වා ක්‍රමිකව ඉහළ ගොස් තිබුණා.

කෙසේවෙතත් එතැන් සිට මහ බැංකුව සහ රජය බලාපොරොත්තු වූ පරිදි සංචිත වත්කම්වල වර්ධනයක් දක්නට නොලැබුණු අතර එය ඩොලර් මිලියන 3,562 ක් දක්වා සුළු වශයෙන් මේ වන විට පහත වැටී තිබෙනවා.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago