Cricket

ඇමතිගේ අතුරු කමිටුවට ජනපති හරස්වන ලකුණු – ක්‍රීඩා ඇමතිගේ ක්‍රිකට් අතුරු කමිටුව ගැන මම දන්නේ නෑ, ජනපති කියයි !

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් අතුරු කමිටුවක් පත් කිරීම පිළිබඳව රජය හෝ තමන් කිසිවක් නොදන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (06) උදෑසන ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ක්‍රිඩා ඇමති රොෂාන් රණසිංහ විසින් ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කර ඇති බවට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී ඇති වාර්තා ගැන මැති ඇමතිවරුන් ජනාධිපතිවරයාගෙන් කළ විමසීමට ප්‍රතිචාර දක්වමිනි.

ක්‍රිකට් අතුරු කමිටුවට පත් කර ඇති සාමාජිකයන්ගේ නම් වෙනුවෙන් අනුමැතියක් පවා ක්‍රිඩා ඇමතිවරයා රැගෙන නැතැයි ද මෙහිදි හෙළිව තිබේ.

එසේම අතුරු කමිටුවක් පත් කිරීම ගැන අද (06) සවස පැවැත්වෙන ඇමති මණ්ඩල හමුවේ දි ක්‍රිඩා ඇමතිවරයාගෙන් විමසා සිටීමට ඇමතිවරු කිහිප දෙනෙකු සුදානමින් සිටින බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ක්‍රිකට් වැනි ආයතනයකට අතුරු කිමිටුවක් පත් කිරීමේදි සාමන්‍යයෙන් ජනාධිපතිවරයා දැනුම්වත් කරනමුත් මෙවර ක්‍රිඩා ඇමතිවරයා මේ කාරණය ගැන ජනාධිපතිවරයා දැනුම්වත් කර නැතැයි ද වාර්තා වේ.

අර්ජුන රණතුංග මහතා සභාපතීත්වය දරණ එම කමිටුවේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම්, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා, උපාලි ධර්මදාස, නීතිඥ රඛිත රාජපක්ෂ සහ හිෂාම් ජමල්ඩීන් යන අය සෙසු සාමාජිකයන් වේ.

මේ අතර ඊයේ (05) YouTube නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවක යෙදුන අමාත්‍යවරයා විසින් පත් කළ ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති අර්ජුණ රණතුංග ප්‍රකාශ කර තිබුනේ ක්‍රිකට් පාලක මණ්ඩලය ජනාධිපතිව ඇල්ලුවේ සාගල රත්නායක හරහාය.

”ක්‍රිකට් පාලක මණ්ඩලය සාගලව බාගන්න පාවිච්චි කර ඇම මොකක්ද කියල හරියටම හොයන්න ඕන” යයි ද අර්ජුන කීවේය.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago