Economy

සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් !

සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇති බවයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව සුදු සීනි පැකට් නොකළ කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 275ක් වනු ඇති. පැකට් කළ සීනි කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 295ක උපරිම සිල්ලර මිලක් නියම කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එමෙන් ම දුඹුරු සීනි පැකට් නොකළ කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 330ක් සහ පැකට් කළ කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 350ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.

ඒ අනුව මෙම මිල ගණන් අද (03) සිට ක්‍රියාත්මක වනු ඇති.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago