ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ (World Cup 2023) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද (2) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු දෙකට තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගනයේදීයි.
අවසන් වරට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වන්කඩේ ක්‍රීඩාංගණයේදී තරගයකට එක්ව ඇත්තේ 2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේදීයී.
මෙවර ලෝක කුසලානයේදී එකම අපරාජිත කණ්ඩායම වන්නේද ඉන්දියාවයි.
ශ්‍රී ලංකාව දැනට තරගාවලියේ තරග 06 කට ක්‍රීඩා කර ඉන් ජයගෙන ඇත්තේ තරග දෙකක් පමණයි.
අද තරගයේදී ඉන්දීය කණ්ඩායමේ එක් වෙනසක් සිදුවන අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා වෙනුවට අද තරගයට දුනිත් වෙල්ලාලගේ ක්‍රීඩා කරනු ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්ඩික් පාන්ඩ්යාට මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාලිය යටතේ ඉන්දියාව ක්‍රීඩා කරන මීළග තරග දෙක ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඒ, බංග්ලාදේශය සමග පසුගිය 19 වැනිදා පැවැති තරගයේ දී ඔහු මුහුණ දුන් වම් වළලුකර ප්‍රදේශයේ ආබාධය හේතුවෙන්.
ඒ අනුව ශ්‍රී ලංකාව සමග අද (2) පැවැත්වෙන තරගය හා දකුණු අප්‍රිකාව සමග එළඹෙන 5 වැනිදා පැවැත්වීමට නියමිත තරගය සදහා ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.
බංග්ලාදේශයට එරෙහිව පූනේ හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් සිටි බංග්ලාදේශ ඉනිමේ 9 වැනි පන්දුවාරය යොමු කරමින් සිටියදීයි පාන්ඩ්යා ආබාධයකට මුහුණ දුන්නේ.
ඔහු විසින් එම තරගයේ දී යොමු කළ පළමු පන්දුවාරය එය වූ අතර, එම පන්දුවාරයේ තෙවැනි පන්දුව යොමු කිරීමෙන් අනතුරුව තමා දෙසට පෙරළා පැමිණි පන්දුව පාදයෙන් නතර කිරීමට ගත් උත්සාහයේ දී පාන්ඩ්යාගේ වම් වළලුකර ප්‍රදේශයේ ආබාධය සිදු වුණා.
ආබාධය හේතුවෙන් පසුගිය 22 වැනිදා නවසීලන්තයට එරෙහිව පැවැති තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වූ අතර, පසුගිය 29 වැනිදා එංගලන්තයට එරෙහිව පැවැති තරගය සදහා ඔහුව ක්‍රීඩා කරවීමට සැලසුම් කර තිබුණා.
කෙසේ වෙතත්, පාන්ඩ්යාට එම තරගය ද අහිමි වුණා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…