මෙරට සිටින මහා පරිමාණ සීනි ආනයනකරුවෙකු මීට දින කිහිපයකට පෙර සීනි මෙට්‍රික් ටොන් 18,000ක් අඩංගු නෞකාවක් කොළඹ වරායට ගෙනවිත් තිබෙන බව අතර, අදාළ නෞකාවේ තිබුණු සීනි මෙට්‍රික් ටොන් 18,000 මේ වන විට වරායෙන් එළියට ගෙන අවසන් වෙමින් තිබේ, එවැනි තත්ත්වයක් තුළ රජය විසින් ඊයේ දින සිට බලපැවැත්වෙන පරිදි සීනි සඳහා රුපියල් 50ක බද්දක් නියම කර තිබෙනවා.
ඒ සඳහා වන ගැසට් නිවේදනය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අත්සනින් යුතුව ඊයේ (1) නිකුත් කර තිබෙනවා.
මේ අනුව අදාළ බද්ද සීනි මෙට්‍රික් ටොන් 18,000 මෙරටට ආනයනය කළ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාට බල නොපාන බව රේගු ආරංචි මාර්ග සඳහන් කරනවා.
මීට පෙර අපේ රටේ වාර්තා වූ මහා පරිමාණ සීනි බදු වංචාවට සම්බන්ධ ව්‍යාපාරිකයා ම මෙම සීනි තොගය මෙරටට ආනයනය කර ඇති බවට රේගු ආරංචි මාර්ග සැක පල කරනවා.
අදාල ව්‍යාපාරිකයා සීනි මෙට්‍රික් ටොන් 18,000 ආනයනය කර අවසන් වූ පසුව රජය විසින් මෙම රුපියල් 50ක බද්ද නියම කිරීමෙන් පෙනී යන්නේ අදාළ සීනි ව්‍යාපාරිකයා සහ රජයේ ඉහළ ප්‍රධානීන් අතර තිබෙන සම්බන්ධතාවය බවයි අපට තොරතුරු දුන් මෙරට ප්‍රධාන ආනයනකරුවන් කිහිප දෙනෙකුම පැවසුවේ.
මේ අනුව හෙට අනිද්දා වන විට ම මෙරට සීනි මිල නව බද්දත් සමඟ රුපියල් 50කට වඩා වැඩි අගයකින් ඉහළ යනු ඇති.
එමගින් මෙම සීනි තොගය ආනයනය කළ ව්‍යාපාරිකයාට විශාල ලාභයක් උපයා ගැනීමට ද හැකි වන බවයි වාර්තා වී ඇත්තේ.
එළැඹෙන අයවැයෙන් කිසියම් වූ සහනයක් බලාපොරොත්තුවෙන් සිටින ජනතාවට අයවැයට පෙරම මෙවැනි බදු පැනවීම හරහා බරපතළ පීඩාවක් රජය විසින් ඇති කරන බවයි මේ පිළිබඳව තොරතුරු ලබාදුන් මෙරට ප්‍රධාන පෙළේ ආහාර ආනයනකරුවන් කිහිපදෙනෙකුම සඳහන් කළේ.
වැඩි කල සීනි බද්දට අදාළව ජනපති අනින් නිකුත් කල නිවේදනය පහතින්,
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…