ශ්‍රී ලාංකික ප්‍රධාන පෙළේ ස්මාර්ට් ජංගම දුරකථන යෙදවුමක් හරහා මෙරට පුද්ගලයන්ගේ අතිශය සංවේදී තොරතුරු Dark Web වෙත මුදා හැර ඇති බවට සමාජ ජාල වල වාර්තා පල වෙමින් ඇත.
ඒ හරහා ශ්‍රී ලාංකිකයන් මිලියන ගණනාවක විද්‍යුත් ලිපිනයේ පටන් බැංකු කාඩ්පත් අංක දක්වා වූ අතිශය සංවේදී දත්ත මුදාහැර ඇතැයි සදහන්ය.
ඊට ගොදුරු වූ බව පැවසෙන පිරිස් විසින් සමාජ ජාල වෙත මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සටහන් තබා තිබෙනු දක්නට ලැබුනා.
Google One සේවාව හරහා තමන්ගේ දත්ත Dark web වෙත පිටවී ඇතිදැයි පරික්ෂා කිරීමේදී මෙම දත්ත පිටවීම පිලිබඳ සටහන් වන බවද සමාජ මාධ්‍ය වාර්තා වල කරුණු සටහන්ව තිබුණා.
මිට වසරකට පෙර ද අදාළ සමාගමට ම දත්ත පිටකිරීම සම්බන්ධව චෝදනා එල්ල වූ අතර, මේ වන තෙක් ඊට ද කිසිදු ප්‍රතිචාරයක් සමාගම විසින් දක්වා තිබුනේ නැහැ.
වාර්තා වලට අනුව අදාළ සමාගම සතුව මෙරට පුරවැසියන්ගෙන් හරි අඩක ප්‍රමාණයක (මිලියනයක) දත්ත පවතින බවට තහවුරු වනවා.
කෙසේ නමුත් මෙතෙක් අදාල සමාගම ඒ ගැන පැහැදිලි කිරීමක් කර නැහැ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
Mokd e සමාගම
සමාාාගමනම කියනවකෝ