ඉන්දියාවේ, ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී සිදු වූ අනතුරින් පුද්ගලයන් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තවත් 29 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
මෙලෙස ගැටී ඇත්තේ, විශාඛාපට්නම් සිට පලාසා තෙක් ධාවනය වෙමින් තිබූ විශේෂ මගී දුම්රිය සහ විසාග් සිට රායිගාද් බලා ගමන් ගත සීඝ්‍රගාමී දුම්රියයි.
සීඝ්‍රගාමී දුම්රිය කොත්සවත්සාලා දුම්රිය පොළට නුදුරින් නවත්වා තිබුණු බවයි වාර්තා වන්නේ.
අනෙක් පසින් පැමිණි මගී දුම්රිය මෙම දුම්රියෙහි ගැටී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළා.
සංඥා දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදු ව ඇති බව සඳහන්. දුම්රිය දෙකේ මැදිරි මාර්ගයෙන් පිටතට විසි වී ගොස් තිබෙනවා.
එහි සිර වූ පිරිස් බේරාගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බව ද සඳහන්.
මීට මාස කීපයකට පෙර, ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ දුම්රිය තුනක් ගැටීමෙන් අනතුරක් සිදු වුණා. එම අනතුරින් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 280 ක්.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…