ඊශ්‍රායලයේ පවතින යුද ගැටුම් හේතුවෙන් මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය අද (28) ශ්‍රී ලංකාවට රැගෙන එන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසීය.
කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත අද පෙරවරු 9.45ට පමණ ගොඩබෑමට නියමිත ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඇයගේ දේහය රැගෙන එනු ඇත.
ඒ අවස්ථාවට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ද ඊශ්‍රායල් රජය වෙනුවෙන් මෙරට සිටින නිර්වේතනික කොන්සල්වරයා සහ අනුලා රත්නායක මහත්මියගේ පවුලේ සාමාජිකයන් එක්වීමට නියමිත බවද නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේය.
ඇයගේ දේහය පවුලේ ඥාතීන් විසින් හඳුනාගැනීමෙන් අනතුරුව එරටදී අවසන් ගෞරව දැක්වීමට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූ අතර අනතුරුව එම දේහය මෙරටට රැගෙන ඒමට පියවර ගත්තේය.
ඒ අනුව ඊශ්‍රායලයේදී මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය කැලණිය ඊරියවැටියේ පිහිටි ඇයගේ නිවෙසට රැගෙන යෑමට නියමිතයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…