තමන්ට අපහසා කළ බව පවසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා විසින් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මෙන්ම හිටපු කැබිනට් අමාත්‍ය අර්ජුණ රණතුංගට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ ගොනු කරන ලද රුපියල් බිලියන 06ක අපහාස වන්දිය සහ අර්ජුන රණතුංගට එරෙහි අතුරු තහනම් නියෝගය ලබා දීමට අදාල නඩුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතානගේ විසින් පසුගිය (23) නිශ්ප්‍රභා කළේය.
මෙම නඩුව සඳහා ෂම්මි සිල්වා වෙනුවෙන් පෙනී සිටියේ මේ රටේ කීර්තිමත්ම නීතිඥ කණ්ඩායමකි.
නීතිඥ සංජේ ෆොන්සේකා, නීතිඥ පසිඳු බණ්ඩාර, ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා, ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වාගෙන් සමන්විත නීතිඥ මණ්ඩලයක් පැමිණිලිකාර ෂම්මි සිල්වා වෙනුවෙන් පෙනී සිටියේය.
අර්ජුන රණතුංග වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ නිරෝෂා හේරත්, නීතිඥ අමා කරුණාරත්න, නීතිඥ චතුසලා ජයසිංහ, සහ නීතිඥ ප්‍රසාද් සිරිමාන්න සමග අධි නීතිඥ අතුළ බණ්ඩාර හේරත්ය.
පසුගිය කාල සීමාව තුළ රුපියල් කෝටි තිහක් පමණ මුදලක් ක්‍රීඩා ඇමතිට, මාධ්‍යකරුවන්ට සහ විශේෂ පුද්ගලයින්ට එරෙහි නඩු සඳහා නීතිඥ ගාස්තු ලෙස පමණක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගෙවා ඇති බව වාර්තා විය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…