මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් එල්ල කරන ආකාරයේ ප්‍රහාරයක් ක්‍රියාත්මක කර තම දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ‘හරක් කටා’ සහ ‘කුඩු සළිඳු’ ව මුදාගෙන යෑමේ සූදානමක් ඇතැයි තොරතුරු අනාවරණය වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පසුගිය (24) දැනුම්දී තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් හිටපු කමාන්ඩෝ භටයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන මේ වනවිට දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලීසිය පැවසීය.
නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ හා සළිඳු මල්ෂික නොහොත් ‘කුඩු සළිඳු’ සම්බන්ධයෙන් ලද බුද්ධි තොරතුරක් අනුව මේ බව හෙළිවී තිබේ.
මෙම සූක්ෂම සැලසුම සඳහා දායකත්වය ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින යුද හමුදා හිටපු කමාන්ඩෝ සාමාජිකයින් දෙදෙනා ඒ පිළිබඳව සාකච්ඡා කරන හඬපට ද අධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇත.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අනාවරණ කරගෙන ඇත්තේ, අදාළ කමාන්ඩෝ භටයන් දෙදෙනා විනය හේතුන් මත යුද හමුදාවෙන් ඉවත් කර ඇති බවය.
එමෙන්ම පුද්ගලයින් සිහිසුන්වන විෂ දුමක් යොදා, පොලිස් නිලධාරීන් සිහිසුන් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පොලිස් නිල ඇඳුමින් සැරසී ඇතුළුවීමට සූදානමින් සිටි බව අදාළ කමාන්ඩෝ භටයන් දෙදෙනා විමර්ශන නිලධාරීන් හමුවේ පවසා තිබේ.
එම භටයන් ප්‍රහාර එල්ල කරන අයුරින් හයදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ සඳහා සූදානමින් සිටි බවද ඔවුන් පවසා ඇත.
වැඩිදුරටත් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ හරක් කටාගේ සමීපතමයෙකු වන විදෙස්ගතව සැඟව සිටින මිදිගම චූටි පෙර පරිදිම හරක් කටාව හා කුඩු සළිඳුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයෙන් මුදාගෙන යෑම සඳහා මෙම ක්‍රියාව මෙහෙයවා ඇති බවය.
මේ අතර උද්ගතවී ඇති තත්ත්වය හමුවේ පොලිස්පතිවරයාගේ නියමය පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව තරකර තිබේ.
ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවන කණ්ඩායමක් ද යොදවා ඇති බව පොලීසිය සඳහන් කරයි.
එමෙන්ම අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අක්‍රීයව පැවැති සීසීටීවී කැමරා පද්ධතිය ද මේ හේතුවෙන් යළි ස්ථාපිත කර තිබේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…